සැක කටයුතු ලෙස මිය ගිය දරුවෙකුගේ මළ සිරුරක්..

සැක කටයුතු ලෙස මිය ගිය දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ..

by Staff writer 09-06-2023 | 6:35 AM

COLOMBO (News 1st) – මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේදී වැඩබිමක් ඉදිරිපිට දී සැක කටයුතු ලෙස මිය ගිය දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව ඊයේ (08) පස්වරුවේ බෝතල් කටුවක් ඇනි ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ සිරුර සොයා ගත් බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 යි මාස 06 ක් වයසැති පිරිමි දරුවෙකි. 

මියගිය දරුවාගේ පියා  මවගෙන් වෙන්ව ජීවත්වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. 

දරුවා මියගොස් ඇත්තේ, ඔහුගේ ආච්චිගේ හා සීයාගේ රැකවරණය යටතේ සිටියදී ය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. 

පොලිසිය සඳහන් කළේ, මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇති බවයි.