ලංකාවට ඇති සුදුසුකම් ශ්‍රී ලංකාව සුදුසුයි - ADB

සහනදායි මූල්‍යකරණයකට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කරයි..

by Staff writer 09-06-2023 | 6:30 AM

COLOMBO (News 1st) – සහනදායී මූල්‍යකරණයට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබේ. 

එම බැංකුව සඳහන් කළේ, එමගින් අඩු පොලී අනුපාත යටතේ පිරිනැමෙන සහනදායී ආධාර ලබා ගැනීම, ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ඨාපනය කිරීමට, දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමට අදාළ හදිසි සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවස්ථා පුළුල් වන බවයි. 

මෙම තීරණයට සලකා බලා ඇත්තේ, සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් අතර, ඒක පුද්ගල දළ ජාතික ආදායම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් මතයි. 

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම යළි ගොඩනැංවීම සඳහා තව දුරටත් තමන් සහයෝගයෙන් කටයුතු කරන බවයි.