යූරියා මෙට්‍රික් ටොන් 20,000ක නැවක් හෙට කොළඹට

යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක නැවක් හෙට (10) දිවයිනට

by Staff writer 09-06-2023 | 10:36 AM

COLOMBO (News 1st) – යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) දිවයිනට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවයි.

ඒ අනුව යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බව ඔහු කියා සිටියේ ය. 

ලේකම්වරයා සඳහන් කළේ, යල කන්නයට අවශ්‍ය බණ්ඩි  පොහොර තොග මෙරට තුළ පවතින බවයි.

කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසී ය.

මේ අතර පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට නිකුත් කරන කූපන් පත්වලින් 60% ක් මේ වනවිට බෙදා හැර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.