පාසල් ඩෙංගු මර්දන වැඩසටහන් යළි ඇරඹේ..

පාසල් ඩෙංගු මර්දන වැඩසටහන් යළි ඇරඹේ..

by Staff writer 09-06-2023 | 6:46 AM

COLOMBO (News 1st) –  පාසල් ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන් නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි ලේකම් ශානක ඉදුනිල් බෝපිටියගේ මහතා පැවසුවේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය සහ තාක්ෂණික සහය යටතේ මෙය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර , කොළඹ කලාපයේ සියලු පාසල්වල ඩෙංගු මර්දන ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. 

ඒ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් , විදුහල්පතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ය.

හෙට සහ අනිද්දා දිනවල පාසල් ආශ්‍රිතව විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. 
 
වසරේ මේ දක්වා කාලය මෙරටින් හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,000කට අධිකයි.