ටෙලිකොම් පෞද්ගලීකරණයට නිර්දේශ නොකෙරේ

'ටෙලිකොම්' පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ නැහැ

by Staff writer 09-06-2023 | 11:30 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි. 

ඔහු පැවසුවේ  ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ  සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළි කර ඇති බවයි.

සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. 

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී තිබේ. 

ඒ අනුව එහි පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් මහතා පත් කෙරිණ.