.webp)
පොලීසිය සඳහන් කළේ, තවත් තරුණියක් අතුරුදන්ව ඇති බවයි.
මිය ගිය සහ අතුරුදන් වූ තරුණියන් 18 හැවිදිරි වියෙහි පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකාරිනියන්ය.
ඔවුන් විනෝද චාරිකාවක් සඳහා අද (09) උදෑසන බිබිල සිට කිරින්දට පැමිණ තිබුණි.
කිරින්ද මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අවාසනාවත්ත සිදුවීමට මුහුණ පා ඇතැයි පොලීසිය පැවසීය.
රළ පහරට හසුව ගසා ගෙන ගිය තුන්දෙනෙකු ගොඩබිමට ගෙන ප්‍රතිකාර සඳහා කිරින්ද රෝහලට ඇතුළත් කලත් තරුණියකට ඒ වන විටත් සිය ජීවිතය අහිමිවී තිබුණි.
අතුරුදන් වූ සෙසු තරුණිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.