ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග..

ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග..

ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග..

කර්තෘ Staff writer

09 Jun, 2023 | 7:00 am

COLOMBO (News 1st) – අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දී ඇති බවයි.

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකුට එවැනි අත්දැකීමකට මුහුණපෑමට කිසිදු දිනෙක සිදුවේ යැයි තමා අපේක්ෂා නොකළ බව ද ඔහු පවසයි. 

රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කෙරිණ. 

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහුට විරුද්ධව අධිචෝදනා 7 ක් ගොනුකර ඇතත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]