වස්කඩු මුහුදේ බෝට්ටුවක් පෙරෙළයි...

වස්කඩු මුහුදේ බෝට්ටුවක් පෙරෙළයි... ධීවරෙයක් අතුරුදන්

by Staff writer 08-06-2023 | 12:20 PM

COLOMBO (News 1st) – වස්කඩුව මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු අතුරුදන්ව තිබේ. 

පොලීසිය  පැවසුවේ, අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු මුදාගත් බවයි.

ඔවුන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. 

වස්කඩුවේ පදිංචි 34 හැවිරිදි අතුරුදන් ධීවරයා සොයා .මෙහෙයුම් ආරම්භ කර ඇත. 

මේ අතර හික්කඩුව මුහුදේ ගිලි විදේශීය ජාතිකයෙකු මිය ගොස් තිබේ. 

පොලිසිය සඳහන් කෙළ්, 29 හැවිදිරි රුසියානු ජාතිකයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

ඊයේ පස්වරුවේ මුහුදේ නෑමට ගිය අවස්ථාවේදී ඔහු එම අනතුරට ලක්ව තිබේ. 

ජිවිතාරක්ෂක නිලධාරින් විසින් එම විදේශීය ජාතිකයා ගොඩ බිමට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළ ද ජීවිතය ෙබ්රා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.