.webp)
COLOMBO (News 1st) - ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය , කොටා පාර , නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් ජාතික ජනබලවේගයේ නායක ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ , පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.
ඒ අනූව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක , ටිල්වින් සිල්වා , කේ. ඩී. ලාල්කාන්ත , විජිත හේරත් , හරිනි අමරසූරිය , නලින්ද ජයතිස්ස , බිමල් රත්නායක , සුනිල් හඳුන්නෙත්ති , වසන්ත සමරසිංහ ඇතුලු 26 දෙනෙකුට සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින්ට අදාළ මාර්ගවල විරෝධතා පැවැත්වීම තහනම් වේ.
මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් ජාතික ජන බලවේගය අද පස්වරුවේ ජාතික මැතිවරණ කොමිසම ඉදිරිපිටදී විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබිණ.