.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවය.
මේ අතර අධික වැසි සමග ඇති වී ඇති ජල ගැලීම් තත්ත්ව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා තවත් සහන කණ්ඩායමක් වලල්ලාවිට ප්‍රදේශයේ යොදවා තිබේ.
එහි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, බුලත්සිංහල, බදුරලිය, ලත්පදුර සහ කලවාන යන ප්‍රදේශයන් වෙත ද මෙ මස 4 දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි.