.webp)
1. අත්අඩංගුවට ගත් මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට ඇප - දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇප මත මුදා හැරිණ.
2. ඉදිරි පැය කිහිපයේ තව තවත් චණ්ඩ වෙන 'බිපාර්ජෝයි' - ගිනිකොණ දිග අරාබි මුහුදේ හටගත් බිපාර්ජෝයි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ අංශ පවසයි.
3. රාජාංගනයේ සද්ධාරතන හිමි 21 තෙක් රිමාන්ඩ් - පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
4. නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර තවදුරටත් රිමාන්ඩ් - සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
5. බලපත්‍ර නොමැතිව උතුරු මුහුදේ මසුන් මැරූ 7ක් අත්අඩංගුවට - යාපනය,පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.