‘බිපාර්ජෝයි’ සුළිකුණාටුව චණ්ඩ වෙයි

‘බිපාර්ජෝයි’ සුළිකුණාටුව චණ්ඩ වෙයි

‘බිපාර්ජෝයි’ සුළිකුණාටුව චණ්ඩ වෙයි

කර්තෘ Staff writer

08 Jun, 2023 | 6:41 am

COLOMBO (News 1st) – අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි.

කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත.

බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ අරාබි මුහුදු ප්‍රදේශයේ හටගත් පළමු සුළිකුණාටුව ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]