ප්‍රංශයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් ඇතුළු 6 දෙනෙකුට තුවාල

ප්‍රංශයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් ඇතුළු 6 දෙනෙකුට තුවාල

ප්‍රංශයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් ඇතුළු 6 දෙනෙකුට තුවාල

කර්තෘ Staff writer

08 Jun, 2023 | 5:14 pm

COLOMBO (News 1st) – ගිණිකොනදිග ප්‍රංශයේ Annecy නගරයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබේ. 

එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රෝහල්ගත කර ඇති පිරිස අතරින් දරුවන් දෙදෙනකුගේ සහ වැඩිහිටි පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බවයි. 

31 හැවිරිදි ප්‍රහාරකයා සරණාගතභාවය සහිත සිරියානු ජාතිකයෙකු බවට හඳුනාගෙන ඇති අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ, ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි. 

මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තනි බියගුලු ක්‍රියාවක් වන මෙම සිදුවීමෙන් ජාතියම කම්පනයට පත්ව සිටින බවයි.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]