.webp)
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපේක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා WHATSAPP මාර්ගයෙන් පිළිතුරු ලබාගෙන ඇති බවයි.
හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න ප්‍රතය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකුට හසුවී ඇත.
සීදුව දවිසමර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් 5 දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වූ බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙම සිද්ධින්ට සම්බන්ධ අපේක්ෂකයින්ට හා සම්බන්ධ වූ සෙසු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.