මුදල් කාරක සභා සාමාජිකයින් හා ජනපති අතර සාකච්ඡාවක්

මුදල් කාරක සභා සාමාජිකයින් හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

by Staff writer 07-06-2023 | 6:30 AM

COLOMBO (News 1st) - මුදල් කාරක සභාවේ සාමාජිකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එහිදී මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මුදල් කාරක සභාවේ ස්ථිර සභාපතිවරයා ලෙස විපක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගෙන් නම යෝජනා කර තිබුණ ද මාස 06 කට ආසන්න කාලයක් එම පත් කිරීම සිදුවූයේ නැත.

ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින් තාවකාලික සභාපතිවරුන් පත් කරමින් පසුගිය කාලය පුරා විවිධ අණපනත් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීම සිදු කෙරුණි.