මන්කිපොක්ස් ආසාදිත බිළිඳෙකු ඇතුළු දෙදෙනකු හඳුනාගනී

මන්කිපොක්ස් ආසාදිත බිළිඳෙකු ඇතුළු දෙදෙනකු හඳුනාගනී

by Staff writer 07-06-2023 | 10:56 AM

COLOMBO (News 1st) – මෙරටට පැමිණි පිලීපීන ජාතික කාන්තාවකට හා ඇගේ දරුවාට මන්කිෙපාක්ස් රෝගය වැළඳී ඇති බවට තහවුරු වි තිබේ. 

ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අයි.ඩී. එච්. රෝහලේයී.

කාන්තාවට රෝගය බෝ වී ඇත්තේ සිය ස්වාමිපුරුෂයාගෙනි. 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජි විජේසූරිය මහතා සඳහන් කළේ දින 15 ක් වයසැති දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි.ඩී. එච්. රෝහලට මාරු කර යැවූ බවයි.

එහිදි කළ පරීක්ෂා කිරීම්වලදි රෝගය සනාථ කර ගැනීමට හැකි බව වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසී ය.