ගෑස් සිලින්ඩරයක් පිපිරී පුද්ගලයින් 6කට තුවාල

දෙල්තොට ආපනශාලාවක ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් පුද්ගලයින් 6කට තුවාල

by Staff writer 07-06-2023 | 9:55 AM

COLOMBO (News 1st) – මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාෙමන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. 

පොලීසිය පැවසුෙව්, ඊයේ රාත්‍රි මෙම පිපිරීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් මහනුවර ජාතික රෝහලට දෙල්තොට රෝහලට ඇතුළත් කර තිෙබ්. 

ඔවුන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් ය.