ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 07-06-2023 | 5:42 AM

1. ඇයි මේ යෝජනා කරන ලියවිල්ල භයානක බව අපි කියන්නේ? -  බන්දුල ගුනවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරුනි, ඇයි මේ යෝජනා කරන ලියවිල්ල භයානක බව අපි කියන්නේ?

2. හොර රහසේ රටට ගෙනා කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට - රුපියල් කෝටි 35 කට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධිව මෙරටට ගෙන එන ලද කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03 ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

3. මැයි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව : යෝජිත නම් අතරට ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක් -  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය මගින් මාසයක කාලයක් තුළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තරගවලදී දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කරනු ලබයි. 

4. රාජ්‍ය ඇමති ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල්යයි - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි 25 දක්වා කල් ගියේ ය.

5. මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් - පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.