අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

කොටුව අධිකරණයෙන් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

by Staff writer 07-06-2023 | 10:17 AM

COLOMBO (News 1st) - අද පෙරවරු 11 සිට සවස 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු ඇතුළු කිහිප දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කොටුව කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ විථිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.

මේ අනුව අරලියගහ මන්දිරය,අග්‍රාමාත්‍ය කාර්යාලය,ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ,ජනාධිපති ලේකම් කාර්යාලය , ජනාධිපති මන්දිරය,මුදල් අමාත්‍යංශය, ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම එම පිරිසට තහනම් වනු ඇති.

ඊට අමතරව ගාලු මුවදොර වට රවුමේ සිට එන් එස් ඒ වටරවුමට ඇතුළු වීමෙන් වළකින ලෙසත් අධිකරණ නියෝගයේ සඳහන් ය .

අධිකරණය නියෝගය නිකුත් කරනු ලැබු සෙසු පුද්ගලයින් අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි,ගල්වැව සිරිධම්ම හිමි,උදේනිගම ගුණරතන හිමි හා ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද වෙති.   

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන විරෝධතාවක් අද පස්වරු එකට ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.