සූරියවැව ප්‍රදේශීය සභා ලේකම්වරයා අල්ලස් දැලට කොටු

අල්ලස් ගත් සූරියවැව ප්‍රදේශීය සභා ලේකම් අත්අඩංගුවට

by Staff writer 07-06-2023 | 12:52 PM

COLOMBO (News 1st) – රුපියල් 50000 ක අල්ලසක් ලබා ගත් බව කියන සූරියවැව ප්‍රදේශීය සභා ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් විසිනි. 

අල්ලස් කොමිසම සඳහන් කළේ සූරියවැව පොළ භූමිය බදු පදනම මත පවත්වාගෙන යාම සඳහා තැන්පත් කළ මුදලකට සහනයක් ලබාදීම සඳහා ප්‍රාදේශීය සභා ලේකම්වරයා මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බවයි.

ඔහු එලෙස අල්ලස් ලබා ගෙන ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙනි. 

සැකකරු ඒ සඳහා අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය 50000 ක් දක්වා අඩු කර ඇති බව අල්ලස් කොමිසම පැවසී ය. 

සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.