ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට ඇප

අත්අඩංගුවට ගත් මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට ඇප

by Staff writer 07-06-2023 | 7:43 PM

COLOMBO (News 1st) - දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇප මත මුදා හැරිණ. 

ඒ , ඔහු අද පස්වරුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි ද අධිකරණය නියෝග කළේ ය. 

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ පසුගියදා යාපනය , නැගෙනහිර මරදන්කර්නි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනා මතයි.


ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, කිලිනොච්චියේ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක්  විසිනි. 

අත්අඩංගුවට ගැනිම නීතිවිරෝධි බව එහිදී ප්‍රකාශ කළ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කථානායකවරයාට දුරකතනයෙන් අමතා ඒ පිළිබඳව දැනුවත් කළේ ය. 

ඉන් අනතුරුව පොලීසිය හා මන්ත්‍රීවරයා අතර  සංවාදායක් ද ඇති විය. 
වොයිස්කට්

කෙසේ වෙතත් මෙම සංවාදයෙන් අනතුරුව පොන්නම්බලම් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිලිනොච්චිය පොලිසියට රැගෙන ගියේ ය. 

මේ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවිය.