ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

කර්තෘ Staff writer

07 Jun, 2023 | 6:53 am

COLOMBO (News 1st) – සංචාරක ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (07) පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථානය කඩුලු 6 කින් ජය ගත්තේ ය.

දෙවැනි තරගය ලකුණු 132කින් විශිෂ්ට ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයට ගැනීමට සමත් විය.

අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගනු ඇති.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය අද (07) ආරම්භ වේ. 

ඒ, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි.

ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද සවස 3.00ට ආරම්භ වන මෙම තරගය සජීව ලෙස TV1නාලිකාවෙන් විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]