නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න කාරක සභාවක්

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න, මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කාරක සභාවක්

by Staff writer 06-06-2023 | 10:40 AM

COLOMBO (News 1st) –එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරුවලින් සිදු වූ හානිය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. 

අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මන්ත්‍රීවරුන් 14 දෙනකුගෙන් සමන්විත ය.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ,  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි.