ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 06-06-2023 | 5:42 AM

1. නිරිතදිග මෝසම සක්‍රීයයි, ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි -  කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි, ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

2. නව මහාධිකරණ විනිසුරුවරුන් 04ක් දෙනෙකු පත්කෙරේ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ.

3. වැඩ භාරගන්න ගිය මීගොඩ සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිට වෙඩි.. - මීගොඩ සමුපකාර රක්ෂණ සමාගමේ සභාපති වැඩ භාරගැනීමට යාමේදී ඊයේ (05) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා තිබේ. 

4. මත්ද්‍රව්‍ය උවදුර පාලනයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය - මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවදානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.

5. චීනයේ, සිචුවාන්හි නායයෑමකින් 19 දෙනෙකු මරුට -  චීනයේ, සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.