ආගමික ස්ථානවල මදුරු මර්දන කටයුතු ඉරිදා දිනවල

ආගමික ස්ථානවල මදුරු මර්දන කටයුතු ඉරිදා දිනවල ක්‍රියාත්මක කිරීමේ තීරණයක්

by Staff writer 06-06-2023 | 1:16 PM

COLOMBO (News 1st) – ආගමික ස්ථානවල මදුරු මර්දන කටයුතු ඉරිදා දිනයේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ; මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවයි.

ආගමික ස්ථානවල මදුරු මර්දන කටයුතු සඳහා දහම්පාසල් පැවැත්වෙන කාලසීමාවෙන් වේලාවක් ඊට යොදා ගන්නැයි, දැනුම් දී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසී ය. 

ආගමික ස්ථාන ආශ්‍රීතව මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් පවතින බව අනාවරණවී ඇතැයි ද, ඔහු පැවසී ය. 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවැනි පරිශ්‍ර 10 % ක් පමණ වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 8% කි. 

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව 12 %ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසී ය. 

විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, ඉදිකිරීම් පරීශ්‍ර ආශ්‍රිත එම ප්‍රතිශතය 15% ක් ලෙස වාර්තා වන බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 41,066 කු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

එහි ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා පැවසුවේ, වැඩිම රොගීන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන රෝගීන්ගේ ප්‍රතිශතය 49.7% කි.