අල්ලස් දැලේ පැටළුණු අලවතුගොඩ ගොවිජන සේවා නිලධාරීන්

අල්ලස් දැලේ පැටළුණු අලවතුගොඩ ගොවිජන සේවා නිලධාරීන්

by Staff writer 06-06-2023 | 10:03 AM

COLOMBO (News 1st) – රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිෙබ්. 

එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසුවේ, සැකකාර නිලධාරීන් විසින් කුඹුරු ඉඩමක් සඳහා ගොඩකිරීමේ සහතිකයක් නිකුත් කිරීම වෙනුවෙන් එම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරියෙක් සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකි. 

දීර්ඝ කාලයක සිට නිවසක් සදා ඇති මල්ගමන්දෙනිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩම් කොටස,, කුඹුරු ඉඩම් ලේඛෙනයෙන් ඉවත් කර එය ගොඩ ඉඩමක් ලෙස නම්කර ඊට ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට එම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

සැකකරුවන් මූලික  විමර්ශනවලින් අනතුරුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.