මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක සටනට

මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක සටනට

මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක සටනට

කර්තෘ Staff writer

06 Jun, 2023 | 8:06 am

COLOMBO (News 1st) – අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනට එරට හිටපු උපජනාධිපති මයික් පෙන්ස් එක් වී තිබේ.

64 හැවිරිදි ඔහු, ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී අමෙරිකාවේ 48 වැනි උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

මේ සඳහා ඔහු නිල වශයෙන් ලියාපදිංචි වී ඇති අතර ඉදිරි සතිය තුළදී වීඩියෝ පටයක් නිකුත් කරමින් අපේක්ෂකත්වය පිළිබඳව නිවේදනය කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු එක්ව සිටි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රොන් ඩි සැන්ටිස්, නිකී හේලි, විවේක් රාමාස්වාමි, ඒසා හචින්සන් සහ ටිම් ස්කොට් ද මීට ඇතුළත්ය. 

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට ජෝ බයිඩන්, මේරි ඈන් විලියම්සන් සහ රොබර්ට් එෆ් කෙනඩි ජූනියර් තරඟ වැදීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]