English
தமிழ்
කර්තෘ Staff writer
06 Jun, 2023 | 8:18 pm
COLOMBO (News 1st) – බන්දුල ගුනවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරුනි, ඇයි මේ යෝජනා කරන ලියවිල්ල භයානක බව අපි කියන්නේ?
පත්කරපු ඇමති අනු කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු වන ඔබ දෙදෙනා මේ ලියවිල්ල හදන්න දායක වෙන්න ඇති.
හැබැයි ඇමතිවරුනි, බැලූ බැල්මට යෝජනා ලියවිල්ලක් ලෙස කෙටුම්පත්කරල තියෙන මේ ලියවිල්ලෙන් කියවෙන්නේ ඔබ ඇතුළු පිරිසගේ නිශ්චිත අරමුණයි.
බලපත්‍ර නිකුත්කරන, අවලංගු කරන, තාවකාලිකව අත්හිටුවන බලය ආණ්ඩුවට පක්ෂග්රාහී කණ්ඩායමක් අතට පත්කර අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍ර අලුත් කරන්න වුණොත් මොකක්ද වෙන්නේ කියල හිතුව ද?
සරලම කාරණය නම්, මේ සියලු මාධ්‍ය ආයතනවල විශාල පිරිසක් සේවය කරනවා.
මේ සේවය කරන හැම කෙනෙක්ගෙම රැකියාව අවුරුද්දකට වරක් අවිනිශ්චිත වෙන්නේ නැද්ද?
ඒ කියන්නේ මාධ්‍ය ආයතනයකට සේවකයො බඳවා ගන්න වෙන්නේ අවුරුද්දකට.
තවත් විදිහකට කියනවා නම්, අවුරුද්දකට වැඩිය සේවකයින් බඳවා ගැනීම අවිනිශ්චිත ෙවනවා.
තොරතුරුවල නිවැරදිභාවය, ජාතික ආර්ථිකයට බලපානව ද?, ජාතික ආරක්ෂාවට බලපානවා ද? නැත්නම් නීතියේ පාලනයට බලපානවා ද? කියලා ආණ්ඩුවට පක්ෂග්රාහීව කටයුතු කරන කණ්ඩායමක් කොහොමද ස්වාධීනව තීරණය කරන්නේ?
එකින් එක වගන්ති අරන් කියන්න දෙයක් නැහැ.
අපි දිගටම මේ ලියවිල්ලේ බරපතලකම පෙන්නලා දෙන්නේ මේක පනත් කෙටුම්පතක් ලෙස සකස්කරලා තුනෙන් දෙකක බලය තියන පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගත්තොත් අපේ රටේ ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතියට තිත තැබෙන නිසයි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමනි, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමනි, ජනතාව ඉන්නේ හරිම අමාරුවෙන්.
ජීවත්වෙන්න පුදුම දුකකින්.
නොමිලේ දුන්න බෙහෙත්විලින් බාගෙට බාගයක් නෑ, ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දොස්තරලා, නර්ස්ලා නෑ. හිඟයි, සමහර ඉස්පිරිතාලවල වාට්ටු පිටින් වහලා, තියෙන වාට්ටුවල බිම දිගේ මිනිස්සු දුක් විඳිනවා, රෑට ගමට යන්න බොහෝ ගම්මානවලට බස් නෑ, ත්රිවිල්වල යන්න මිනිස්සුන්ට ඉස්සරවගේ සල්ලි නෑ, කරනවා නම් කරන්න වැඩ ඕන තරම්.
යන එන ගමන් වාහනයෙන් බැහැලා මිනිස්සු එක්ක කථාකරල බලන්න.
ඇත්ත ප්‍රශ්න තේරෙයි.
මාධ්‍ය මර්දනයට කලින් රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ප්‍රශ්නයක් තියෙනවා.
ඒක විසඳලා ඉන්න.
———————————————————————————————————
අනුරාධපුර දිස්ත්‍රීක් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය මර්දනයට දරන උත්සාහය පිළිබඳව අදහස් පළ කළේ ය.
එහි ප්‍රධාන ලේකම්, පුංචිරාල රත්නායක ප්‍රශ්න කර සිටින්නේ, ජනතාව දහසක් ප්‍රශ්නවලට මුහුණ දී සිටියදී , කතා කිරීමට ඔ්නෑ තරම් ප්‍රශ්න තිබියදී පාලකයින්ට ඇති ලොකුම ප්රශ්නය මාධ්‍ය ද යනුවෙනි.
''පහුගිය කාලේ රටේම ජනතාව දන්නවා කාබනික පොහොර වැඩසටහන වෙලාවේදී රටේ ඇතිවිච්ච තත්ත්වය ඒ වගේම අසුචි නැව ගෙනල්ලා, මේවා හෙලිකලේ කවුද රටට මේවා රජයේ මැති ඇමතිවරුවත් බලධාරියෙක්වත් නෙවෙයි මේවා සියල්ල හෙළි කළේ, මාධ්‍ය ඊළගට පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ඊලගට අනෙකුත් වැව්වල ඇවිදින මං තීරු ගහලා අපි විරෝධය පළ කළා. ඒකට විරුද්ධ වෙනකොට රටට ලෝකයට හඩ නගා කියනකොට ඒකට කවුද අපිට ඉඩකඩ හරිගස්සලා දුන්නේ මාධ්‍ය මේක ඒකාධිපති පාලනයක් කරා ගෙන යන එක තමා මාධ්‍ය මර්නදය කරා ගෙනියනවා කියන්නේ ගොවි ජනතාවගේ දුක් අදෝනා සියල්ලම රටට හෙළිදරව් කළේ මේ සමස්ත මාධ්‍ය මාධ්‍යට අපි ගොවි ජනතාව හැටියට සදා ණය ගැතියි. මාධ්‍ය නැත්තම් අපේ රටේ ගොවිතැන මෙලහකට විනාශයි ගොවිතැනට අබසරණයි කියන එක තමයි අපට කියන්න පුලුවන් රටේ කරන්න වැඩ තියෙද්දි ගොවි ජනතාවට ප්‍රශ්ණ තියෙද්දි රෝහල්වල බෙහෙත් ටික නැතුව ප්‍රශ්ණ තියෙද්දින් ගොවියට වි විකුණ ගන්න බැරුව ප්‍රශ්ණ තියෙද්දින් පාරිබෝගිකයාට හාල් ටික හරියට මිල නියාමනයක් නැතුව ප්‍රශ්ණ තියෙද්දින් රටේ කථාකරන්න හැම ප්‍රශ්ණයක්ම මීට වඩා තියෙද්දින් මේ ගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙත් මාධ්‍යය ද ඒ නිසා දැන්මම මේක හකුලා ගන්න''
මධ්‍යම නුවර ගම් පලාත් කිරි ගොවියන්ගේ සංගමය අද අවධාරණය කළේ, මාධ්‍ය මර්නදයට රජය දරන උත්සහයට විරුද්ධ බවයි.
''බෙහෙත් හේත් නැති ඒවා කිරි ප්‍රශ්න කිරිවලට මිලක් නැතිකම රටට ඇමතිගොල්ලන්ට මේ හැමෝට පෙන්නුවේ මාධ්‍ය මිට කලින් එහෙම පනත් ගෙනල්ලා තිබ්බා නම් අපිත් හිරේ, පෙන්වන මාධ්‍යකරුවොත් හිරේ. මේකට අපි තරයේම විරුද්ධයි මාධ්‍ය මර්දනයට''
මේ අතර ජනමතයක් නොමැති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට මාධ්‍ය මර්දනය කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි සංවිධානය අවධාරණය කරයි.
මේ එහි සභාපති සී.එච්.කුමාර පළ කළ අදහස්….
''ගොවියෝ කෑගහලා පාරට බැහලා තමයි 2017 වතුර අරන් ගොවිතැන් කළේ, ඊට පස්සේ කාබනික පොහොර වගාව කියලා පොහොර ඇයින් කරනවා පොහොර ෙඅයින් කරලා කාබනික පොහොර වගාවට යනවා. බෑ කියලා ගොවියෝ කියද්දි ඒක බලෙන් පටවන්න ගිහිල්ලා අන්තිමට මොකක්ද වුණේ? කන්න තුනක් කුඹුරු ගොවියට පාඩුකළා ඒ හැම වෙලාවෙම කථාකරලා කෑ ගහලා පාරට බැහලා මේ සිද්ධිය කියනකොට ඒ අපේ හඩ අරන් ගියේ මාධ්‍ය හරහා රටටත් ජනතාවටත් මේ මේ පාලකයින්ගේ කන්වලට ඇහෙන විදිහට ගොවියෝ එහෙනම් කෑ ගහන්නේ තමන්ගෙ අයිතිය වෙනුවෙන් කථාකරන්නේ රැස්වීමේදී කථාකරන එක පිටට යන්නේ නැතුව නවත්තගන්න විදිහ තමයි. මාධ්‍ය හරහා යන එක සම්පුර්ණයෙන්ම නවත්තනවා. ඒක නැවත්තුවාට පස්සේ මෙයාලට ඕන දේවල් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව අරගත්තේ ජනතාවගෙ කැමැත්තෙන් නෙවෙයි. බලෙන් ආණ්ඩු අරන් දැන් අපේ කට වහන්න හැදුවාට ඒකට ඉඩ දෙන්න බැහැ . ඒක මෙහෙම වුණොත් මේ රටේ ගොවිජනතාවට තමන්ගේ ගොවි තැන වළලන්න වෙනවා ''
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS