.webp)
COLOMBO (News 1st) – 50 වන ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ, ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු යන්නයි.
ලෝක පරිසර දිනයට සමගාමීව අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය.
එහි සභාපති සුපුන් එස් පතිරණ මහතා පැවසුවේ , මෙරට තුළ දෛනිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900 ත් 950 ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවයි.
මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් ආනයනය කරන සියලු ආයතන හා පුද්ගලයින් අද සිට ලියාපදිංචිය කිරීම ආරම්භ කරන බව ඔහු සඳහන් කළේ ය.