.webp)
COLOMBO (News 1st) – චීනයේ, සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පතලක් තුළ මෙම නායයෑම සිදු වූ බවයි.
එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි සඳහන් ය.
අධික වර්ෂාවත් සමග මෙම නායෑම සිදු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.