කඩිගමුව සහ රඹුක්කන අතරදී දුම්රියක් පීලී පනී

කඩිගමුව සහ රඹුක්කන අතරදී දුම්රියක් පීලී පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්. - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff Writer . 04-06-2023 | 12:12 PM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.

දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරී, වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කළේ, මේ වන විට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවයි.

දුම්රිය මගීන් වෙනුවෙන් බස් රථ යොදා ප්‍රවාහන පහසුකම් සළසා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.