අමෙරිකාවේ ණය සීමා ඉහළ දැමේ

අමෙරිකාවේ ණය සීමා ඉහළ දමන කෙටුම්පතට ජනපති බයිඩ්න් අත්සන් තබයි .

by Staff Writer . 04-06-2023 | 8:12 AM

COLOMBO (News 1st) - ජනාධිපති ජෝ බයිඩ්න්  අමෙරිකාවේ ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ  දැමීමේ කෙටුම් පතට අත්සන් තබා තිබේ.

ඒ, අමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය කරමිනි.

අමෙරිකාවේ මූල්‍ය වගකීම් ආවරණය කිරීම සඳහා රජය සතුව තිබූ අරමුදල් ප්‍රමාණවත් වූයේ තවත් දින දෙකකට පමණි.

එහෙත් නව පනතට අනුව, ණය සීමාව ඉහළ දැමීම හරහා, අමෙරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇති.