ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

කර්තෘ Staff Writer .

04 Jun, 2023 | 4:40 pm

COLOMBO (News 1st) – බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනතුරු ඇඟවීම් නිකුත් කළ බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]