හෙට (4) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

හෙට (4) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට - සභාපති

by Staff writer 03-06-2023 | 9:32 AM

COLOMBO (News 1st) - ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන බවය.

ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති.

හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.