පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

මෙරට සම්බුදු දහමින් ඒකාලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

by Staff writer 03-06-2023 | 6:14 AM

COLOMBO (News 1st) - මෙරට සම්බුදු දහමින් ඒකාලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (03) යෙදී තිබේ.

ක්‍රිස්තූ පූර්ව 247 දී ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායාදයක් ලෙස මෙරටට ලැබුණු උතුම් බුදු දහම එදා මෙදා තුර සිරිලකට ලැබුණු සුවිශේෂීම දායාදයකි.

පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලය ඇතුළු අටමස්ථානයත්, සොලොස්මස්ථානත් කේන්ද්‍රකර ගනිමින් අද දවස පුරා විවිධ පිංකම් පැවැත්වේ.