මිහින්තලා පුදබිමට අතිවිශාල බැතිමතුන් පිරිසක්...

මිහින්තලා පුදබිමට අතිවිශාල බැතිමතුන් පිරිසක්...

by Staff writer 03-06-2023 | 6:57 AM

COLOMBO (News 1st) - මහින්දාගමනය සිහි කර පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා විශාල බැතිමතුන් පිරිසක් මේ වනවිට මිහින්තලය පුදබිමට පැමිණ සිටිති.

අප වාර්තාකරුවන් පැවසුවේ, අටමස්ථානය ප්‍රමුඛ අනුරාධපුර පූජා භූමියත් බැතිමතුන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගනිමින් අද අලුයම සිට පැවැත්වෙන සියලු ආගමික වැඩසටහන් සිරස TV ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

මේ අතර දම්සවිය පොසොන් කලාපය නුවරඑළිය සිරි සේනානන්දාරමයේදී අද (03) ආරම්භ වේ.

ඒ, සර්වඥ ධාතු වන්දනාව ද සමගිනි.

මේ අතර සිරසා නමාමි පොසොන් කලාපය දෙපානම සිරස විකාශන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ශ්‍රද්ධාභිවන්දනා ඇත්කඳ පොසොන් මංගල්‍යය අද කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේදී ආරම්භ වේ.

සිරස TV ඒ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙයි.