පොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

පොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 03-06-2023 | 6:47 AM

COLOMBO (News 1st) - පොසොන් පොහොය නිමිත්තෙන් අද (03) දිනයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි.

මේ අතර අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ ය.