පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 03-06-2023 | 6:44 AM

COLOMBO (News 1st) - පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 2500ක් ඒ සඳහා රාජකාරියේ යොදවා ඇති බවයි.

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ ආශ්‍රිතව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 355 දෙනෙක් ද සේවයට යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය.

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් අද (03) දිනයේ බන්ධනාගාරගත සිරකරුවන් 440 කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අතරට සිරකාරියන් 06 ක් ද ඇතුළත් වේ.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.