.webp)

කළු ගගේ මගුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ගඟ භාවිතයේදී විමසිලිමත් විය යුතුයි.
පවතින වර්ෂාව හමුවේ ගිං ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
බද්දේගම ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.
නිල්වලා ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් බැවින් පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර පවතින වර්ෂාව හමුවේ මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
