X-Press Pearl නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් 2ක්..

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කෙරේ..

by Staff writer 02-06-2023 | 7:12 AM

COLOMBO (News 1st) –  X-Press Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් තර තිබේ.

ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ය.

එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එලෙස පත් කළ බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබේ.  

අදාළ නීතිඥයින් හරහා නීතිපති දෙපාර්තමේන්තුවට තම අධිකාරියේ සහය ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ පරිසර හානියට වන්දි ඉල්ලා ලක් රජය මේ වනවිට සිංගප්පූරු අධිකරණයක නඩු පවරා තිබේ.