.webp)
ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ය.
එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එලෙස පත් කළ බවයි.
ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබේ.
අදාළ නීතිඥයින් හරහා නීතිපති දෙපාර්තමේන්තුවට තම අධිකාරියේ සහය ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ පරිසර හානියට වන්දි ඉල්ලා ලක් රජය මේ වනවිට සිංගප්පූරු අධිකරණයක නඩු පවරා තිබේ.