සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනපති විශේෂ රාජ්‍ය සමාව

by Staff writer 02-06-2023 | 3:23 PM

COLOMBO (News 1st) - පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.

ඒ අතරට සිරකාරියන් 06 ක් ද ඇතුළත් ය.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.