පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි..

පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි..

by Staff writer 02-06-2023 | 6:56 AM

COLOMBO (News 1st) –  බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද(06) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි
 
එමෙන්ම මධ්‍යම , ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.