ව්‍යාජ කච්චේරියක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට..

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 02-06-2023 | 9:26 AM

COLOMBO (News 1st) –  නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් ය.

එහි තිබී රාජ්‍ය නිලධාරීන් , නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260ක් ව්‍යාජ ලෙස සකස් කළ, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.   

මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ තිබු පරිගණක 2ක්, මුද්‍රණ යන්ත්‍ර 2ක් හා මෙමරි කාඩ් පත් 05 ක්ද , පොලිසිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුන් 31 ,43 හා 71 හැවිරිදි වියේ පසුවන්නන් ය.