.webp)
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, එම ප්‍රදේශ වෙත විශේෂ කණ්ඩායම් පිටත් කර හැරීමටද කටයුතු කරන බවයි.
පසුගිය සති කිහිපයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාවීම පහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,409 කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, අද දිනයේද උදෑසන කාලයේ පැය 2ක් ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමට වෙන් කර ඇති බවයි.