ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 02-06-2023 | 5:51 AM


දේශීය පුවත්

1.කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන්, ජූලි 31 වැනිදා දක්වා රථ වාහන ගමනාගමනයට සීමා.. – කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන්, ජූලි 31 වැනිදා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි  පොලීසිය සඳහන් කරයි. 

2.ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා – ජනපති - ඉදිරි වසර 5 තුළ ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  

3.සිමෙන්ති කොට්ටයක මිලත් අඩු වන ලකුණු..– සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 ත් 500 ත් අතර මිලකින් අඩු වෙතැයි අපේක්ෂා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.  

4.යුද්ධ හමුදාවට අපහාස කළැයි ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල් වීරවංශට එන්තර වාසියක්.. – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එන්තරවාසියක් යවා තිබේ.  

5.ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා, අනිසි කලබලයක් ඇති කර නොගන්න – කංචන විජේසේකර – ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පිරවුම්හල් හිමියන් ඇනවුම් ලබා නොදීමෙන් ඉන්ධන හිඟයක් පැවතිය ද, රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් අනිසි කලබලයක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.  

6.ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ හෙලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් – බැංකු පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.


විදෙස් පුවත්

1. ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පළමු තැනට – ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ.