.webp)
එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සූගීෂ්වර මහතා සඳහන් කළේ, කුඩා ගඟ අවට පහත්බිම්වල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අද (01) පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑරගල ප්‍රදේශයෙන් වාර්තා විය.
එය මිලමීටර් 208 කි.
පවතින අධික වර්ෂාව හමුවේ මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
මිදලන හැඩිගල්ල මාර්ගය, බදුරලිය කලවාන මාර්ගය, බුලත්සිංහල කඩලිගම මාර්ගය, අවිත්තාව වලල්ලාවිට මාර්ගය, අගලවත්ත උඩෝවිට මාර්ගය, තවලම හා නෙළුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල අතුරු මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.
නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
අද රාත්රියේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.