.webp)
COLOMBO (News 1st) – අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බවයි.
පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළේ ය.
පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගැනිණ.
මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.