ශ්‍රී ලංකාව පැරදූ ඇෆ්ගනිස්ථානයට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාව පැරදූ ඇෆ්ගනිස්ථානයට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාව පැරදූ ඇෆ්ගනිස්ථානයට කඩුලු 6ක ජයක්

කර්තෘ Staff writer

02 Jun, 2023 | 9:00 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය සංචාරක ඇෆ්ගනිස්ථානය කඩුලු 6කින් අද (02) ජය ගත්තේ ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ය.

මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත අද එක්දින වරම් දිනා ගත්තේ ය.

දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 84කදීයි.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගුවේ ය. 

ධනංජය ද සිල්වා 9 වැනි එක්දින අර්ධ ශතකය අද ලබා ගත්තේ ය.

6 වැනි එක්දින අර්ධ ශතකය ද සමගින් චරිත් අසලංක 4 පහර 12ක් ද සමගින් ලකුණු 91ක් රැස් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 5ක් තුළදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 268කි.

ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 25කදී බිඳ වැටී ඇත. 

දෙවැනි කඩුල්ලට ඊබ්‍රහීම් සද්රාන් සමග එක්වූ රහ්මත් ශාහ් ලකුණු 146ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගීය.

ශතකය අබියස සිටි සද්රාන් ලකුණු 98කට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේයි.

සද්රාන්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

ලකුණු 269ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය තරගය ජය ගත්තේ, පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී සිටියදීයී.

තරගාවලියේ දෙවැනි තරගය ලබන ඉරිදා (04) හම්බන්තොටදී පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]