තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්..

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්..

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්..

කර්තෘ Staff writer

02 Jun, 2023 | 11:26 am

COLOMBO (News 1st) –  ආනයන සීමා කර ඇති භාණ්ඩ 300ත් 400ත් අතර සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි.

භාණ්ඩ වර්ග 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක ආනයනය සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

ඔහු පැවසුවේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි

මේ අතර, මහ බැංකු පොලී අනුපාත අඩු කිරීමත් සමග වාණිජ බැංකු පොලී අනුපාත 2.5% කින් අඩුවන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා වන නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදු කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]